Home Hit අධිවේගයේ වැලිපැන්න පිවිසුම ජලයෙන් යටවෙයි

අධිවේගයේ වැලිපැන්න පිවිසුම ජලයෙන් යටවෙයි

270

අධික වර්ෂාවත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව හා වැලිපැන්න පිවිසුම ජලයෙන් යටවී තිබෙනවා.

මේ සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට මතුගම දෙසට ගමන් කිරීමට බාධාවක් නොමැති අතර අලුත්ගම දෙසට ගමන් ගන්නා වාහනවලට වැලිපැන්න පිවිසුම භාවිත නොකර දොඩම්ගොඩ පිවිසුම ඔස්සේ ගමන් කරන ලෙස දැනුම් දෙනවා.

මාතර සිට කෙළඹ දෙසට ගමන් කරන වාහන මතුගම දෙසට ධානය කිරීමේ දී වැලිපැන්න පිටවුම භාවිත නොකර කුරුඳුගහහැතැප්ම හෝ දොඩම්ගොඩ පිටවුම භාවිත කර මතුගමට පිවිසිය හැකි බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here