Home Hit BREAKING NEWS : එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂක ධුරය සජිත්ට

BREAKING NEWS : එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂක ධුරය සජිත්ට

1004

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පුළුල් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස නම් කිරීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන්ගේ අනුමැතිය අද [24] රාත්‍රියේ පළවී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වුණා.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස නම් කිරීමට පක්ෂ නායකයන්ගේ ඒකමතික අනුමැතිය හිමිවූ බව එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයෙක් සඳහන් කර සිටියා.

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා නම් කිරීම් එක්සත් ජාතික පක්ෂය විසින් කළ යුතු බවට එළඹුණු තීරණයට අනුව එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව ක්‍රියාකරමින් ජනාධිපතිවරණ අපේක්ෂකයා ඉදිරියේදී නම් කරනු ඇතැයි ද එම පක්ෂ නායකයා වැඩිදුරටත්ටත් සඳහන් කරනු ලැබුවා.

මේ අනුව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කරන විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හෙට [25] සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here