Home Hit රටම කතා වූ ටිකිරි ඇතින්න අවසන් ගමන් යයි

රටම කතා වූ ටිකිරි ඇතින්න අවසන් ගමන් යයි

412

මහනුවර දළදා පෙරහැරේ ගමන් කිරීම හේතුවෙන් බොහෝ අවධානය දිනාගත් වයෝවෘද්ධ ටිකිරි ඇතින්න අද (24) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

රෝගාතුරව සිටි ඇතින්න කෑගල්ල, රන්දෙනිය ප්‍රදේශයේදී ජිවිතක්ෂයට පත්ව ඇතැයි සඳහන්.

මෙවර මහනුවර දළඳා පෙරහරට එක්ව තිබූ ටිකිරි ඇතින්න වයෝවෘද්ධ නිසාත්, පෙරහරේ ගමන් කරවීම නිසාත් ඇය බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුවුණා.

එහෙත් ඇයගේ භාරකරුවන් සඳහන් කළේ බාරයක් ඔප්පුකිරීම වෙනුවෙන් ටිකිරි ඇතින්න පෙරහරේ ගමන් කරවූ බවයි.

ටිකිරි ඇතින්න වෙනුවෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ද සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කර තිබුණා.

මේ පිළිබඳව අදහස් දැක්වූවන් පවසන්නේ අමාත්‍යවරයා මෙය ටිකිරි ඇතින්න උපමාවට ගනිමින් වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව කළ ප්‍රකාශයක් බවයි.

ඉදිරි ජනපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කිරීම වෙනුවෙන් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ප්‍රමුඛව කටයුතු කරනවා.

අමාත්‍යවරයා සිය ට්විටර් සටහනට එක්කර තිබුණේ මෙවන්නක්,

”පිංබර ටිකිරි, මෙතුවක් කල් උතුම් දළඳා පෙරහැර වර්ණවත් කලාට ඔබට පිං
විශ්‍රාමික ඔබෙන් හිස්වූ ඒ හිඩැස නුදුරේදී තරුණ ඇතෙකු සපුරනු ඇත …
ඒ දෙස බලා ඔබ සතුටු කඳුලු හෙලනා බව විශ්වාසය..”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here