Home Hit විදුලි බලාගාර ටෙන්ඩරය චීනෙට දෙන්න ඇමති ලේකම් කළ දේ කොමිසමේදී හෙළිවෙයි

විදුලි බලාගාර ටෙන්ඩරය චීනෙට දෙන්න ඇමති ලේකම් කළ දේ කොමිසමේදී හෙළිවෙයි

590

කෙරවලපිටිය ස්වභාවික වායු බලාගාර ටෙන්ඩරයට අභියාචනා බාර ගනිමින් එ සම්බසෙවීමේන්ධයෙන් ඉදිරි කටයුතු කිරීමට ගත් තීරණය නිවැරදි නොවන බව තමා පිළිගන්නේ යැයි ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ සභාපති සෝමසිරි ගුණසේකර රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාවට පසුගිය 18 වනදා සාක්කි දෙමින් පැවසුවා.

තමා ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියා.

රාජ්‍ය ආයතන වල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාව මඟින් කෙරවලපිටිය මෙගාවොට් 300ක ස්වභාවික වායු (එල්. එන්. ජී.) බලාගාර ටෙන්ඩරය සම්බන්ධයෙන් සිදුකරන විභාගයේ සාක්ෂි විමසීම සඳහා සෝමසිරි ගුණසේකර කැඳවා තිබූ අතර එහිදී සිදුකළ ප්‍රශ්නකිරීම් හමුවේ ඔහු එසේ කීවේය.

කෙරවලපිටිය බලාගාර ව්‍යාපෘතිය ”තම අයිතිය යටතේ ඉදිකර ක්‍රියාත්මක කර අවසානයේ දී පවරා දීම” ආකාරයේ එකක් බවට අභියාචනා පාර්ශවය විසින් හෝ ව්‍යාපෘතිය පිරිනැමුණු පාර්ශවය විසින් හෝ තමා දැනුවත් නොකළ බවද ඔහු කියා සිටියේය.

ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය විසින් සකස් කරන ලද වාර්තාවේ පළමු පිටුවේම එය ”බූට්” ආකාරයේ ව්‍යාපෘතියක් බව සඳහන් කර ඇතැයි කොමිසම මඟින් පෙන්වා දුන් අවස්ථාවේ එය තමා පිළිගන්නේ යයි ද හෙතෙම කීය.

කෙරවලපිටිය ස්වභාවික වායු බලාගාරය ව්‍යාපෘතියට වැට් බදු අදාළ නැද්ද යන්න පිළිබඳව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයෙන් හෝ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් හෝ විමසීමක් නොකළ බව අමාත්‍යංශ ලේකම් ආචාර්ය බටගොඩ ලබාදුන් ලිපියේ සඳහන් කරුණු පමණක් පදනම් කොට ගෙන ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයට කටයුතු කළ බවද හෙතෙම කීවේය.

ලක්දනවි සමාගම ලබාදුන් ඒකක මිල පවත්වාගෙන යමින් වැට් බදු අදාළ වුවහොත් ඒ අමතර වියදම් දරා ගන්න බවට සහතිකයක් ලබාදී තිබියදීත් ලක්දනවි සමාගමේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට හේතුව කුමක් දැයි එහිදී කොමිෂන් සභාව සභාපතිවරයාගෙන විමසා සිටියේය.

ඊට පිළිතුරු දුන් ඔහු ලබැදියන් අතර ගැටුම සම්බන්ධ කරුණු අදාළ නොවන සහ තර්කානුකුල නොවන නිසා ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය ඒ සම්බන්ධ විමර්ශනයක් සිදුනොකළ බව කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here