Home Hit 2018 ඡන්ද හිමි නාම ලේඛනය මහජන ප්‍රදර්ශනයට

2018 ඡන්ද හිමි නාම ලේඛනය මහජන ප්‍රදර්ශනයට

512

2018 ඡන්ද හිමි නාම ලේඛනය මහජන ප්‍රදර්ශනයට තබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව සියළුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ ග්‍රාමනිළධාරී කාර්යාලවල ඡන්ද හිමි නාම ලේඛනය ප්‍රදාර්ශනය කර ඇති බවයි එම කොම්ෂන් සභාව සඳහන් කළේ.

එළඹෙන ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අයදුම්කරන රාජ්‍ය නිළධාරීන්ට 2018 ඡන්ද හිමි නාම ලේඛනය පදනම් කර ගනිමින් අදාළ ඉල්ලුම් පත්‍ර සම්පුර්ණ කළ හැකි වනු ඇත.

එම ඉල්ලුම්පත්‍ර සියළුම දිස්ත්‍රික්කවල තේරීම් භාර නිළධාරීන්, ප්‍රාදේශිය ලේකම් සහ ග්‍රාම නිළධාරී කාර්යාල වලින් ලබාගත හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here