Home Hit දිස්ත්‍රික්ක 03කට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරෙයි

දිස්ත්‍රික්ක 03කට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරෙයි

272

පවතින වැසිතත්ත්වය හේතුවෙන් ගාල්ල, කළුතර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද (23) උදෑසන 11.30 සිට හෙට උදෑසන 11.30 දක්වා මෙම නිවේදනය සිදුකළ බව එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර සදහන් කළේ.

මේ අතර දිවයින බලපා ඇති වර්ෂාපතන තත්ත්වයේ තවදුරටත් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් පාලිත විමලසූරිය පවසනවා.

දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ.

මේ අතර ගතවූ පැය 24 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් ජලගැලීම් ඇතුළු ආපදාවන් රැසක් වාර්තා වී තිබෙනවා.

පවතින වර්ෂාධික කාලගුණික තත්ත්වය හමුවේ වැලිමඩ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ පුහුල්පොල සිට හාලිඇල දක්වා ප්‍රදේශයේදී මාර්ගයට ගල් පෙරළීමේ අවදානමක් මතුව ඇතැයි ද සඳහන්.

මාතර දිස්ත්‍රික්කයේ මෙම දිනවල පවත්නා වැසි තත්ත්වය හමුවේ නිල්වලා ගඟ තවදුරටත් පිටාර ගලමින් පවතිනවා.

ගිං ගඟේ ජල මට්ටම ඊයේ දිනට සාපේක්ෂව අද ඉහළ මට්ටමක පවතින අතර මේ හේතුවෙන් බද්දේගම හෝළුවාගොඩ ප්‍රදේශයේ පහත්බීම් රැසක් ජලයෙන් යටවී ඇතැයි ද සඳහන් වනවා.

මේ අතර පවතින අධික වැසි සහිත කාළගුණික තත්ත්වය හේතුවෙන් රාවණා ඇල්ලෙහි දිය පහර ප්‍රචණ්ඩ ස්වභායක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here