Home Local ”අපි මේ දවස්වල කොළඹ “අලි” පෙරහර සංවිධානය කරනවා” – ඇමති රාජිත සේනාරත්න

”අපි මේ දවස්වල කොළඹ “අලි” පෙරහර සංවිධානය කරනවා” – ඇමති රාජිත සේනාරත්න

320

මේ දවස්වල කොළඹ “අලි” පෙරහර සංවිධානය කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කළුතර බිනර පෙරහර ආරම්භක උත්සව අවස්ථාවට සහභාගි වෙමින් අදහස් දක්වමිනුයි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, “පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හාමුදුරුවන් සංවිධානය කරන දෙවැනි පෙරහැර අවස්ථාවට තමයි මම අද මේ සහභාගි වෙන්නේ. මාගල්කන්දේ සුදත්ත හිමි කිවුවාම මේ පළාතේ විතරක් නොවෙයි ලංකාවේ ඕනෑම තැනක කෙනෙක් දන්නවා. ඊටත් වඩා හොදින් උන් වහන්සේගේ සංවිධානයේ නම කිව්වාම දන්නවා. පසුගිය කාලයේ මටත් උන් වහන්සේ ඇසුරු කරන්න ලැබුනා. මුලින්ම මම මෙතනට එනකොට මෙතරම් විශාල සංවර්ධනයක් තිබුනේ නැහැ. කෙටි කාලයක දී බොහෝ සංවර්ධන කටයුතු ඉතා ලස්සනට සිදු කොට තිබෙනවා. පෙරහර පැවැත්වීම සදහා විශාල මුදලක් වැය වෙනවා. මිලියණ ගණනක්. කිසිදු භේදයකින් තොරව හැම කෙනාගෙන්ම උදව් උපකාර අරගෙන එම කටයුතු සිදු කරන්න ඕනි.

උන් වහන්සේ කිව්වා අද උදේ වෙනකන් බයෙන් හිටියේ කියලා. අපිත් එක්ක වැඩ කරන කොට බය වෙන්න ඕන නැහැ. කොහොම හරි වැඩේ කෙරෙනවා. මට උන්වහන්සේ සමග සම්බන්ධ වීමට නොහැකි වුනා. කාර්ය බහුල වීම නිසා උන්වහන්සේ පවරපු කටයුතු පවා මට කරන්න බැරි වුනා. නමුත් පෙරහරට අදාල මූලික වැඩකටයුතු අපි කළා. උන් වහන්සේගේ පෙරහරට වඩා ලොකු පෙරහරක්, අපි මේ දවස්වල කොළඹ කරනවා. අපේ පක්ෂයේ පෙරහරට අලි ලෑස්ති කරනවා. මේ පළාතේ දරු දැරියන්ට ප්‍රදේශවාසීන්ට මේ පෙරහැර බැලීමට අද අවස්ථාව උදාවෙලා තිබෙනවා. අපි, අපේ යුතුකම විදිහට කළ හැකි සෑම උපකාරයක්ම කළ යුතුයි. මොකද අපේ බෞද්ධ සිද්ධස්ථාන වලට පිටරට ඉදලා ස්ටර්ලින් පවුම් එන්නේ නැහැ. යුරෝ එන්නේ නැහැ. ඩොලර් එන්නෙත් නැහැ. ඒ නිසා මේ සදහා වියදම් වෙන්නේ අපේම රුපියල් සත. අපි මේක අවබෝධ කර ගත යුතුයි.

සුදත්ත හිමියන් තරුණ භික්ෂූන් වහන්සේ නමක් වුවත් මේ පළාතේ තිබෙන සියලු අංග වලින් පරිපූර්ණ විහාරස්ථානයක් බවට මෙම විහාරස්ථානය පත් කරගෙන තිබෙනවා. මෙතන තිබුන මුඩු බිම අද පූජනීය ස්ථානයක්. බෞද්ධ දර්ශණය තමයි මේ ලෝකයේ විද්‍යාඥයින් පිළිගන්න ඉතාමත්ම විද්‍යාත්මක දර්ශණය. මේ ධර්මයේ තිබෙන විද්‍යාත්මක ස්වරූපය තමයි කිසිම දෙවියන් වහන්සේ කෙනෙක් මත නොවෙයි තමන්ගේ ශක්තිය උඩ තමන්ගේ ඉදිරි ගමන යන්නට දේශනා කරන ලද දහමක්. ජාතිය, ආගම, කුලය සළකන්නේ නැතිව මිනිස් ජාතිය, මිනිස් ප්‍රජාව වෙනුවෙන් දේශණා කළ දර්ශණයක්. කාළාම සූතුයේ බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා මගේ ධර්මය අනුව තියෙන ඒකම ජාතිය මිනිස් ජාතිය කියලා. එම දර්ශණය තමයි අපි බෞද්ධ දර්ශණය වශයෙන් පිළිගන්නේ. වෙනත් ආගම්වල කියන්නේ වෙනනත් වෙනත් දෙවිවරු විසින් ඔබ ඉදිරියට ගෙන යනු ඇත කියලයි. දෙවියන්ට සැළකුවේ නැත්නම් නොකෙරෙනු ඇත. මෙවැනි දැක්මක් අති කෙනෙකු අවුරුදු 2500 පෙර බිහි වුණාය කියන එකම ආශ්චර්යයක්. අද තිබෙන තාක්ෂණික මෙවලම් වලින් සොයා ගන්න පවා බැරි දේවල් අවුරුදු 2500 කට පෙර ඊටත් වඩා යථාර්තවාදී ලෙස උන්වහන්සේ ධර්මය මගින් දේශනා කළා. මේ ධර්මය ඉතාම විද්‍යාත්මක වුවත්, නිර්මල වුවත් මෙතුවක් කල් ආරක්ෂා කරගෙන ආවේ මේ මහා සංඝරත්නය. එසේ නොවුනා නම් මේ ලෝකේ කිසිම විද්‍යාඥයෙකුට මෙය හැදැරීමට ලැබෙන්නේ නැහැ. එ නිසා තමයි බොහේ දාර්ශණිකයින් මෙම දර්ශණය හදාරා මෙම බෞද්ධ දර්ශනය පිළිගන්නේ. තවත් මේ වගේම ඉදිරියට මේ දර්ශණය ගෙනයාම සදහා අපට කළ හැකි දේ කුමක් ද එය අප කළ යුතුයි. අනාගතයේ දී මේ දර්ශණය මුළු ලෝකයේ ම පිළිගැනීමට පාත්‍ර වෙනවා.”

උත්සව අවස්ථාවෙන් අනතුරුව පෙරහර ආරම්භය සනිටුහන් කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න විසින් සධාතුක කරඩුව පෙරහර මංගල හස්තිරාජයා මත තැන්පත් කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here