Home Hit දැරියක් හා ඇගේ මව පැහැර ගැනීමට උත්සාහ කළ දෙදෙනෙක් අත්අඩංගුවට

දැරියක් හා ඇගේ මව පැහැර ගැනීමට උත්සාහ කළ දෙදෙනෙක් අත්අඩංගුවට

335

කළුතර නාගොඩ ජාත්‍යන්තර පාසල්ක ඉගෙනුම් ලබන දැරියක් හා ඇගේ මව පැහැර ගෙන මුදල් බල ලබා ගැනීමක් සඳහා සැලසුම් කරන ලද සැලැස්මක් සම්බන්ධයෙන් දොඩන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

ඒ අනුව සැකකරුවන් දෙදෙනකු අද දින අත්අඩංගුවට ගෙන තිබේ.

අතත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 40 හා 25ක් වන දොඩංගොඩ හා කළුතර දකුණ ප්‍රදේශවල පදිංචි පදිංචිකරුවන් වේ.

සැකකරුවන් සන්තකයේ තිබී පොලිස් නිල් ඇඳුම් කොටස් වායු රයිපල් එකක් වෙඩි බෙහෙත් කඩුවක් හා මන්නා පිහියක් සොයා ගෙන ඇති අතර සැකකරුවන්අද දින කළුතර ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග ලබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන අතර සිද්ධිය සම්බන්ධයෙන් දොඩන්ගොඩ පොලිසියේ වැඩිදියුණු වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here