Home Hit එජාපෙ අපේක්ෂකයා 25

එජාපෙ අපේක්ෂකයා 25

307

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලබන 25 වනදින ප්‍රකාශයට පත් කරන බව අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි. 

අමාත්‍යවරයා පවසන්නේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වී අපේක්ෂකයා සම්බන්ධයෙන් ඒකමතික තීරණයක් ගැනීමට නියමිත බවයි.  

අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පී.හැරිසන් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. 

පක්ෂයේ එකමුතුභාවයට ගැටලුවක් ඇති නොවන ආකාරයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව ජනාධිපති ධුර අපේක්ෂකයා තෝරා පත්කර ගැනීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here