Home Local ආසියානු යොවුන් ක්‍රිකට් කුසලාන තරගාවලියේදී මත්පැන් පානය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්...

ආසියානු යොවුන් ක්‍රිකට් කුසලාන තරගාවලියේදී මත්පැන් පානය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 03කට බංග්ලාදේශ සංචාරය තහනම්

586

ආසියානු යොවුන් ක්‍රිකට් කුසලානය අතරතුර මත්පැන් පානය කළ ශී‍්‍ර ලංකා ක්‍රිකට් කණ්ඩායමේ යොවුන් කී‍්‍රඩකයින් තුන්දෙනෙකුට එළඹෙන බංග්ලාදේශ සංචාරය තහනම් කර තිබෙනවා.

ආසියානු යොවුන් ක්‍රිකට් කුසලාන ඉන්දියාව සමග පැවති අවසන් පූර්ව තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමෙන් පසු මෙම යොවුන් කී‍්‍රඩකයින් තුන්දෙනා නවාතැන් ගෙන සිටි හෝටලයේදී බීමත්ව සිටි බවටයි අනාවරණය වී ඇත්තේ.

එම කී‍්‍රඩකයින්ගේ රුධිර සාම්පල පරීක්ෂා කිරීමෙන් පසු ඔවුන් බීමත්ව සිටි බව අනාවරණය වී තිබීම හේතුවෙන් එළඹෙන බංග්ලාදේශ සංචාරයෙන් එම ක්රෙදකයන් තිධෙන ඉවත් කල බව ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here