Home Hit UPDATE : අකුරට වර්ජනය නිසා දුම්රිය මගීන් තවදුරටත් පීඩාවට – PHOTOS

UPDATE : අකුරට වර්ජනය නිසා දුම්රිය මගීන් තවදුරටත් පීඩාවට – PHOTOS

487

කොළඹ සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රිය සංඥා පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් සහ දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කර තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද දිනයේ මේ දක්වා කාලය තුළ කොළඹට පැමිණෙන සහ කොළඹින් පිටවන සියලූ දුම්රිය ධාවනය වී ඇත්තේ ප්‍රමාදවයි.

දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේ අද උදෑසන කාලයේ පමණක් මෙලෙස ප්‍රමාද වී ධාවනය වූ දුම්රිය අතර කාර්යාල දුම්රිය 50ක් පමණ වන බවයි.

අද උදෑසන 5.55ට කොළඹ – කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වු සීඝ්‍රගාමී දුම්රිය පැය 02කට අධික කාලයක් ප්‍රමාද වී ධාවනය වී තිබෙනවා.

කොටුව සිට මහනුවර බලා ධාවනය වූ පොඩිමැණිකේ දුම්රිය පැය 04ක පමණ කාලයක් ප්‍රමාද වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මේ අතර, පිට පළාත්වල සිට කොළඹ – කොටුව දක්වා පැමිණෙන දුම්රිය නියමිත වේලාවට ගමන් ආරම්භ කල ද, සංඥා දෝෂය හේතුවෙන් මරදාන දෙසට පැමිණිමට නොහැකිව ආසන්න දුම්රිය ස්ථානවල නතර කිරීමට සිදුවුණා.

කැළණිවැලි මාර්ගයේ කොළඹ කොටුව දක්වා වන දුම්රිය ධාවනය ද බේස්ලයින් දුම්රිය ස්ථානය දක්වා සීමා කෙරුණු අතර, රාගම දුම්රිය ස්ථානයේ සිට කොළඹ දෙසට කිසිදු දුම්රියක් ධාවනය නොවූ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, දුම්රිය ගමනාගමන අධිකාරි වී.එස්. පොල්වත්තගේ සඳහන් කළේ මේ වන විට සංඥා දෝෂය යථා තත්ත්වයට පත් කර ඇති බවයි.

අද පස්වරුවේ දුම්රිය ධාවනය සාමන්‍ය පරිදි සිදුකිරිමට හැකිවනු ඇති බවයි ඔහු කියා සිටියේ.

මේ අතර, දුම්රිය ප්‍රමාදය හේතුවෙන් කෝපයට පත් මගීන් පිරිසක් දුම්රිය රියදුරන්ට සහ කාර්ය මණ්ඩලයට පහරදීමක් සිදුකර ඇති බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ කැදවුම්කරු ඉන්දික දොඩංගොඩ ප්‍රකාශ කළා.

Image may contain: 1 person, sky and outdoor
Image may contain: 1 person, outdoor

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here