Home Hit ජනාධිපතිතුමාට මඩ ගහනවා. ඔහු කැබිනට් රැස්වීම කැදවූවා පමණයි. – තලතා අතුකෝරාල

ජනාධිපතිතුමාට මඩ ගහනවා. ඔහු කැබිනට් රැස්වීම කැදවූවා පමණයි. – තලතා අතුකෝරාල

353

විධායක ජනාධිපතිධූරය ඉවත් කිරීම සම්බන්ධයෙන් ඊයේ(19) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල යෝජනාව එක්සත් ජාතික පක්ෂයේම අයෙකුගේ වුවමනාවට ඉදිරිපත් කල යෝජනාවක් බවත් පක්ෂයේ සමඟිය ගැන සිතා ඒ පිළිබඳව කතා නොකරන බවත් අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය ප්‍රකාශ කලා.

ඒ මුදල් අමාත්‍යවරයාගේ නිවසේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ජාවකදී.

විධායක ජනාධිපතිධූරය හදිසියේ ඉවත් කිරීම සදහා යෝජනා කිරීම ජනාධිපතිවරයාගේ තීරණයක් බව පවසා ජනාධිපතිවරයාට මඩ ගැසීමේ ක්‍රියාදාමයක යම් පිරිසක් නිරත වන බව පැවසූ අමාත්‍යවරිය කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් ජනාධිපතිවරයා මෙම කැබිනට් රැස්වීම කැදවූවා පමණක් බවයි ප්‍රකාශ කලේ.

සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණයෙන් පසු විධායක ජනාධිපති ධූරය ඉවත් කිරීම සම්බන්ධයෙන් තීරණයකට එළඹෙන බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here