Home Hit ”ශ්‍රී ලන්කන් කේටරින්” රන් සම්මානයෙන් පිදුම් ලබයි

”ශ්‍රී ලන්කන් කේටරින්” රන් සම්මානයෙන් පිදුම් ලබයි

233

ශ්‍රී ලන්කන් කේටරින් ආයතනය ජාතික කර්මාන්ත මණ්ඩලය සංවිධානය කළ 2019 සම්මාන උළෙලේ දී ජාතික මට්ටමේ රන් සම්මානය දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

ශ්‍රී ලන්කන් කේටරින් ආයතනය ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගමකි .

එම ආයතනය ලොව පුරා ඇති ප්‍රධාන ගුවන් සේවා සමාගම් 24ක් වෙත මෙන්ම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ සහ ගුවන් යානා අභ්‍යන්තර ආහාර පාන සැපයීම ද සිදු කරනු ලබනවා.

ශ්‍රී ලන්කන් කේටරින් වෙත හිමි වූ මෙම රන් සම්මානය ගරු කථානායක කරු ජයසූරිය මැතිතුමා අතින් ශ්‍රී ලන්කන් කේටරින් හි ප්‍රධාන විධායක නිලධාරී ලලිත් විතාන මහතා ලබාගත් අතර ඒ අවස්ථාවට ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ තවත් උසස් නිලධාරීන් පිරිසක් ද එක් වී සිටියා.

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here