Home Hit ජනපති අද පාස්කු කාරක සභාව හමුවට

ජනපති අද පාස්කු කාරක සභාව හමුවට

249

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (20) දිනයේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.

නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි පැවසුවේ පාර්ලිමේන්තු කාරක සභා සාමාජිකයින් ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යාමට නියමිත බවයි.

අදාළ කාරක සභා වාර්තාව අද දිනයේ ලබා දීමට නියමිතව තිබුණද එය පසුව කල් දැමුණි.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිල කාලය සැප්තැම්බර් 30 වනදායින් අවසන් වීමට නියමිතව තිබුණද එය ඔක්තෝබර් මස 31 වනදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා.

නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි පැවසුවේ අදාළ කාරක සභා වාර්තාව සකස් කිරීමේ කටයුතු මේ වනවිට බොහෝ දුරට අවසන් වී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here