Home Hit ජනපතිගෙන් සාක්ෂි ගන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ජනාධිපති ලේකම් කාර්යාලයට

ජනපතිගෙන් සාක්ෂි ගන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ජනාධිපති ලේකම් කාර්යාලයට

238

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කෙරුණු විශේෂ තේරීම් කාරක සභාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් සාක්ෂි ලබාගැනීම සඳහා මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ තිබෙනවා.

එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි කියා සිටියේ තමා සමඟ තේරීම් කාරක සභාවේ සාමාජිකයින් සියළු දෙනා මෙම අවස්ථාවට එක්ව සිටින බවයි.

කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට ජනාධිපතිවරයා කැමැත්ත පළකර තිබූ අතර, ඒ අනුවයි සාක්ෂි විමසීම සිදුකරනු ලබන්නේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගෙන් සාක්ෂි විමසන අවස්ථාව මාධ්‍යයට විවෘත නොකරන බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි අවධාරණය කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here