Home Politics ”සහරාන්ලාව කිරි පොවලා හැදුවේ පසුගිය ආණ්ඩුවයි” – නලින් බණ්ඩාර (VIDEO)

”සහරාන්ලාව කිරි පොවලා හැදුවේ පසුගිය ආණ්ඩුවයි” – නලින් බණ්ඩාර (VIDEO)

263

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහරාන් ප්‍රමුඛ අන්තවාදී ත්‍රස්ත කල්ලිය පසුගිය ආණ්ඩුව සමයේ පෝෂණය කළ බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පවසනවා.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ඊයේ (19) දින පැවති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින්.

එම අවස්ථාවේ ඔහු චෝදනා කර සිටියේ එම සාකච්ජාවට එක්ව සිටි කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයාට ඒ චෝදනා එල්ල කරමිනුයි.

එහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ,

”සහරාන්ලාව කිරිපොවලා හැදුවේ කවුද කියලා මේ රටේ ජනතාව දන්නවා. CID එකෙන් පවා ඔප්පු වෙලා තියෙනවා, සහරාන් ඇතුළු කල්ලිය නිර්මාණය කළේ ඔවුන්ට වැටුප් ගෙව්වේ 2015ට කලින් මෙතුමාලගේ ආණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යංශය යටතේ කියලා.” යන්නයි.

එම සංවාදය සහිත වීඩියෝව පහතින්.

කට බොරු කිවුවත් දිව බොරු නොකියයි.

Posted by Nalin Bandara on Thursday, September 19, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here