Home Hit ගෝඨාගේ නඩුව නැවතත් කල්යයි

ගෝඨාගේ නඩුව නැවතත් කල්යයි

250

පසුගිය රජය සමයේ ගාලු වරාය ආසන්න මුහුදු තීරයේ ඇවන්ට් – ගාර්ඩ් මැරිටයිම් සර්විස් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය ලබාදීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින්ට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුව නැවත සැප්තැම්බර් මස 23 වනදා කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කරනු ලැබුවා.

මෙම නඩුව අද (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට කරුණු දක්වමින් මෙම නඩුව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති ආකාරය නීතිවිරෝධී යැයි අභියාචනාධිකරණය තීන්දු කර ඇති බවත් එබැවින් විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මෙම නඩුවෙන් නිදහස් කරන ලෙස එම අභියාචනාධිකරණ නියෝගයෙන් සඳහන් කර ඇති බවත් දැනුම් දුන්නා.

මෙහිදී අධිකරණය සඳහන් කළේ එම අභියාචනාධිකරණ නියෝගය තමන් වෙත මෙතෙක් ලැබී නොමැති බවයි.

ඒ අනුව නඩුව නැවත ලබන 23 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදින අභියාචනාධිකරණයෙන් අදාළ නියෝගයේ පිටපතක් කැඳවීමට පියවර ගන්නා ලෙස ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් වරයාට නියම කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here