Home Local යුධ හමුදාපති යාපනයේ සංචාරයක – PHOTOS

යුධ හමුදාපති යාපනයේ සංචාරයක – PHOTOS

357

යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (20) සිය ධුරයට පත්වීමෙන් අනතුරුව පළමු වතාවට යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරතවුණා.

යුධ හමුදාපති නිළයට පත්වීමෙන් අනතුරුව යාපනය ප්‍රදේශයේ ආගමික නායකයින් හමුවීම වෙනුවෙන් හා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හමුවීම උදෙසා යුධ හමුදාපතිවරයා එක්ව තිබෙනවා.

උතුරු පළාත් ආණ්ඩුකාර අචාර්ය සුරේන රාඝවන් හමුවු යුධ හමුදාපතිවරයා වර්තමානයේ යාපනය ඇතුළු උතුරු පළාතේ ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් සාකච්ජා කළ අතර, උතුරු පළාතේ ආරක්ෂක අංශ සතු ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන්ද එහිදි සාකච්ජා කරනු ලැබුවා.

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හා යුධ හමුදාපතිවරයා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්ද සාකච්ජා පැවැත්වු අතර, දෙදෙනා සමරු තිළිණ හුවමාරු කර ගැනීමද සිදුකළා.

යාපනය නාග විහාරය වෙත පැමිණි යුධ හමුදාපතිවරයා යාපනය නාග විහාරයේදී බෞද්ධ ආගමික වතාවත්වල නිරතවු අතර, අනතුරුව යුධ හමුදාපතිවරයා යාපනය නල්ලූර් කෝවිලේ සංචාරයකටද එක්වුණා.

යාපනය ප්‍රදේශයේ යුධ හමුදාපතිවරයා සුහද හමුවක නිරතවු බව යාපනය ආරක්ෂක සේනා නිළධාරීන් පැවසුවා.

යුධ හමුදාපතිවරයාගේ සංචාරය වෙනුවෙන් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය ද එක්ව සිටියා.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here