Home Local රනිල් තීන්දුවක් ගනී

රනිල් තීන්දුවක් ගනී

1030

එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීම වළකා ගෙන ආණ්ඩු කල හැකි නායකයා ලෙස ගෞරවය හිමිකර ගනිමින්, ජනාධිපතිවරණය ජයග්‍රහණය කර හැකි අපේක්ෂයා ලෙස සජිත් ප්‍රේමදාසව පිළිගන්නැයි එජාප ජ්‍යෙශ්ඨයන් පිරිසක් කර ඇති යෝජනාව ක්‍රියාත්මක කිරීම කෙරෙහි රනිල් වික්‍රමසිංහ මහතා පළමු වතාවට අවධානය යොමුකර ඇතැයි වාර්තා වේ.

මේ අනුව එජාප නායකයන්ගේ විශේෂ රැස්වීමක්ද අග්‍රමාත්‍ය වරයාගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා (19) සවස අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ පැවසුවේ එජාපෙ මන්ත්‍රී කණ්ඩායම කැඳවා රහස් ඡන්දයකින් අපේක්ෂකයා තෝරා ගත යුතු බවට වන සිය ස්ථාවරයේ වෙනසක් නොමැති බවය. මේ අතර සජිත් පාර්ශවය විසින් එජාපෙ මන්ත්‍රී කණ්ඩායම බ්‍රහස්පතින්දා (19) දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු කමරයටකට කැඳවා තිබිණි. 50කට වැඩි මන්ත්‍රී පිරිසක් සිටි එම රැස්වීමේදී පී. දිගම්බරම් වැනි එජාපෙ අනෙකුත් පක්ෂ නායකයන් සජිත්ට අපේක්ෂකත්වය ලබා දිය යුතු පවසා ඇත. එක්සත් වාමාංශික පෙරමුණේ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න එහිදී ප්‍රකාශ කර ඇත්තේ පසුගිය දින 52 සිදුවීම, විධායක ජනාධිපති ධූරය අහෝසි කල යුතු බවට වන හොඳම අත්දැකීම බවය. අපේක්ෂකයා පමණක් නොව ප්‍රතිපත්ති පිළිබඳවද තම පක්ෂය සලකා බලන බව ඔහු කියා තිබේ.

රාජිත සේනාරත්න, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම හා දිනේෂ් වීරක්කොඩි කමිටුවේ නිර්දේශද බලා වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කිරීමටද බොහෝ දුරට ඉඩ ඇතැයි එජාප රනිල් හිතවාදී අමාත්‍යවරයෙක් බ්‍රහස්පතින්දා (19) පැවසීය. කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්කළද ඡන්දයකට නොගොස් ප්‍රශ්නය බේරාගැනීමට වික්‍රමසිංහ මහතා කටයුතු කරනු ඇතැයි ඔහු කීය. එජාපයේ හා එජාපෙ සියලු දෙනාගේ එකඟකත්වය මත පමණක් තමන් අපේක්ෂකයා වීමට සුදානම් බවට කරු ජයසුරිය මහතා කර ඇති ප්‍රකාශයද මෙහිදී සැලකිල්ලට ගනු ඇති ඔහු වැඩි දුරටත් පැවසීය .

උපුටා ගැනීම
රාවය පුවත් පත (2019-09-20)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here