Home Hit මැකො සභාපතිවරයාට පොහොට්ටුවේ ස්තූතිය

මැකො සභාපතිවරයාට පොහොට්ටුවේ ස්තූතිය

293

ජනපතිවරණය ප්‍රකාශයට පත්කිරීම පිළිබඳව මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයාට ස්තූතිය ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

ඊයේ (19) පෙරවරුවේ කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ බලපෑම්වලට යටත් නොවී ඔහු ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කළ බවයි.

”මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට විශේෂ ස්තූතියක් මේ අවස්ථාවේදී පුද කළ යුතුයි. එතුමාට විවිධ බලපෑම් පැමිණියත් ශ්‍රේෂ්ඨාධිකරණ මත විමසීම සිදු කරද්දී වුණත් ජනාධිපතිවරණය කල් දැමීම සඳහා එම බලපෑමට යටත් නොවී රටට ආදරය කරන නායකයකු පත්කර ගැනීම සඳහා ජනතාවට අවස්ථාව සැලසීම පිළිබඳව.

ස්වාධීනයි කියන මැතිවරණ කොමිසම් අභ්‍යන්තරයේත් සිරිකොත නියෝජිතයින් ඉන්න අවස්ථාවක ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් මහින්ද දේශප‍්‍රිය මහතා ගත්ත මෙම තීරණය පිළිබදව අපි ගෞරවයෙන් සළකනවා.

කරු ජයසූරිය ලිඛිතව ජනාධිපතිවරණයට අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා කැමැත්ත ප‍්‍රකාශ කළා. පාර්ලිමේන්තුවේ උත්තරීතරත්වය ස්වාධීනත්වය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීමට නම් කතානායකවරයා ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි. එතුමා දිගටම එජාප පාක්ෂිකයෙක් විදිහට පාර්ලිමේන්තුවේ දී කටයුතු කළා. ඇතැම් අවස්ථාවල සිරිකොතදී ක‍්‍රියා කළ යුතු ආකාරයට කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ තීරණ ක‍්‍රියාත්මක කළා.

සදාචාර සම්පන්න ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය ගරු කරන ස්වාධීන ආයතනයක් වන පාර්ලිමේන්තුව නිසියාකාරව පවත්වා ගෙන යාමට කරු ජයසූරිය මහතා වහාම ඉල්ලා අස්විය යුතුයි කියලා අපි කියනවා.” යනුවෙන් ඔහු සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here