Home Hit එජාපයෙන් ජවිපෙට නිල නොවන යෝජනාවක්

එජාපයෙන් ජවිපෙට නිල නොවන යෝජනාවක්

771

පොදු සන්ධානයක් සඳහා එක්වන ලෙස එක්සත් ජාතික පක්ෂය නිල නොවන මට්ටමින් ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලීමක් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා.

කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණ කරන්නේ.

මීට අමතරව වත්මන් පාර්ලිමේන්තු කාලසීමාව තුළදීම විධායක ජනාධිපති ධුරය ආහෝසි කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවක්ද ජනතා විමුක්ති පෙරමුණ වෙත ඉදිරිපත්ව තිබෙනවා.

එයට ද එම පක්ෂය යහපත් ප‍්‍රතිචාරයක් දක්වා නැහැ.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට නම් සිදුකළ යුතුව ඇත්තේ 20 වන ආණ්ඩුුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම බවයි ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දී ඇත්තේ.

20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට මෛතී‍්‍ර පාර්ශ්වයද කැමැත්ත පල කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළා.

මෛත්‍රිපාල පාර්ශ්වය සහ එකාබද්ධ විපක්ෂය 20 වන සංශෝධනයට සහය පළ කරන බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරන්නේ නම් පමණක් ඒ සඳහා තමන්ට ද සහය දැක්විය හැකි බව ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රකාශ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here