Home Hit ලබන මස විශ්‍රාම වැටුප දින 06කට කලින්

ලබන මස විශ්‍රාම වැටුප දින 06කට කලින්

283

ඔක්තෝම්බර් මස විශ්‍රාම වැටුප 04 වනදාට ලබා දීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඔක්තෝම්බර් 08 වෙනිදාට යෙදී ඇති ”ජාතික විශ්‍රාමික දිනය” නිමිත්තෙන් නියමිත විශ්‍රාම වැටුප් දිනය වෙනස් කර කලින් දිනයක එය ලබාදීමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශයේ නිලධාරියෙක් සඳහන් කර සිටියා.

නියමිත විශ්‍රාම වැටුප් දිනයන් අනුව මේ වසරේ ඔක්තෝම්බර් මස විශ්‍රාම වැටුප් ගෙවීමට නියමිතව තිබුණේ ඔක්තෝම්බර් 10 වැනිදාටයි.

ජයන්ත සමරකෝන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here