Home Sports රග්බි ලෝක ශුරතාවලිය හෙටින් අරඹයි

රග්බි ලෝක ශුරතාවලිය හෙටින් අරඹයි

267

නව වන වරට පැවැත්වෙන මෙවර රග්බි ලෝක ශුරතාවලිය ජපානයේ ටෝකියෝ නුවරදී හෙට (20) ආරම්භ වේ.රග්බි ලෝක ශුරතාවලිය ආසියානු රටකදී පැවැත්වෙන පළමු අවස්ථාව මෙය විම විශේෂත්වයක්.

මේ දක්වා පැවැති තරඟාවලි 09යෙන් තුනකම ශූරතාව හිමිකර ගැනිමට නවසීලන්ත කණ්ඩායම සමත්ව ඇති අතර ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අවස්ථා දෙක බැගින් ශුරතාව හිමි කර ගැනිමට සමත්ව තිබේ.

තරඟාවලිය හෙට සිට නොවැම්බර් මස 02 වනදා දක්වා පැවැත්විමට නියමිත අතර තරඟාවලිය ආරම්භ කරමින් පළමු තරඟය සත්කාරක ජපානය සහ රුසියානු කණ්ඩායම් අතර පැවැත්වේ.

තරඟාවලිය සඳහා ලෝක ශ්‍රේණිගත කිරිම් හි පෙරමුණේ පසුවන රටවල් 20ක කණ්ඩායම් සුදුසුකම් ලබා ඇති අතර කාණ්ඩ 04ක් යටතේ එම කණ්ඩායම් තරඟ වැදීමට නියමිතයි.

රග්බි ලෝක ශුරතාවලියේ පළමු තරඟය පවත්වා ඇත්තේ 1987 වසරේදී වන අතර සෑම වසර 04කට වරක්ම පවත්වනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here