Home Hit රාජිත සේනාරත්න අද ජනාධිපති කොමිසම හමුවට

රාජිත සේනාරත්න අද ජනාධිපති කොමිසම හමුවට

216

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අද (19) දිනයේ පසුගිය සිව්වසර තුළ රජයේ දූෂණ වංචා සොයන ජනාධිපති කොමිසම හමුවට කැඳවීමට නියමිතයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අද දහවල් 1.30ට අමාත්‍යවරයාට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇති බවයි.

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල විධිමත්ව රජයට පවරා නොගෙන රජයේ මුදල් වැය කරන බවට ලැබී ඇති පැමිණිල්ලකට අදාළව සාක්ෂි ලබාදීම සඳහා අමාත්‍යවරයා මෙලෙස කොමිසම හමුවට කැඳවනු ඇති.

එම පැමිණිල්ල කර ඇත්තේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංමගයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ විසිනි.

මේ අතර ඊයේ කොමිසම හමුවේ පෙනී සිටි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්, සුරේන් බටගොඩ අද දිනයේත් යළි කොමිසම හමුවට කැඳවනු ඇති.

ඒ, ඔහු ඊයේ දිනයේ කොමිසම හමුවට පැමිණීමේදී අවශ්‍ය ලේඛන රැගෙන නොඒම මතයි.

ඒ අනුව ඔහුට දැඩිව අවවාද කරමින් සභාපති විනිසුරුවරයා කියා සිටියේ, අවශ්‍ය සියලු ලේඛන රැගෙන අද කොමිසම හමුවට පැමිණෙන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here