Home Business රයිගම් සමාගමෙන් සමාජ මාධ්‍ය සම්මාන උළෙලක්

රයිගම් සමාගමෙන් සමාජ මාධ්‍ය සම්මාන උළෙලක්

480

ශ්‍රී ලංකාවේ බිහි වූ කීර්තිමත් දේශීය ව්‍යවසායක් වූ ”ද කිංඩම් ඔෆ් රයිගම්” වෙතින් ප්‍රථම වරට පැවැත්වෙනු ලබන ”Raigam SoMe Award” උළෙල ප්‍රථම වරට පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා.

2020 ජනවාරි මස 11 වනදා කොළඹ Trace Expert City හිදී මෙය පැවැත්වීමට නියමිතයි.

රයිගම් මෙවර සමාජ මාධ්‍ය වෙත තම අවධානය යොමුකරන්නේ නූතන සන්නිවේදන පෙරළිය හමුවේ එය වඩාත් වේගයෙන් ග්‍රාහකයන් අතරට ගෙන යා හැකි මෙන්ම සමාජයට සෘජු බලපෑමක් කළ හැකි ප්‍රබලතම මාධ්‍ය ලෙස ඕනෑම අයෙකුට සිය නිර්මානශීලීත්වය නිරාවරණය කිරීමේ හැකියාව ඇති තැනක් බැවිනි.

රූපවාහිනී මාධ්‍යයෙන් ඔබ්බට ගිය මෙම සම්මාන උළෙල ජාතියේ සමාජ මාධ්‍ය විශිෂ්ඨතා (National Social Media Excellence) ලෙසයි නම් කර ඇත්තේ.

ද කිංඩම් ඔෆ් රයිගම් වෙනුවෙන් මෙම ක්‍රියාන්විතයේ මූලිකත්වය දරන්නේ ”ස්වේත චන්දනාලේපය” යි.

මෙම උළෙල සමාජ මාධ්‍ය හා වීඩියෝ නිර්මාණකරුවන් සඳහා ජාතික මට්ටමේ සම්මාන 35කින් පරිපූර්ණ වේ.

වීඩියෝ විශිෂ්ඨතා සහ සමාජ මාධ්‍ය සම්මාන වශයෙන් ප්‍රධාන කොටස් 02ක් යටතේ මෙම උළෙල පැවැත්වෙනු ලැබේ.

Raigam SoMe Awards 2019 උළෙල සඳහා අයදුම්පත් හා නිර්මාණ භාරගැනීම මේ වන විට ආරම්භ වී ඇති අතර එය 2019 නොවැම්බර් 06 වන දිනෙන් අවසන් වේ.

සම්මාන උළෙල සඳහා නිර්මාණ ඉදිරිපත් කිරීමට අපේක්ෂිත නිර්මාණකරුවන් හැකි ඉක්මනින් ක්ෂණික ඇමතුම් අංක 077 1061 606 මඟින් Raigam SoMe Awards සංවිධායක මඩුල්ල අමතැන ලෙස ඉල්ලා සිටියි.

අයදුම්පත් සඳහා raigam.lk / raigamtelees.lk යන වෙබ් අඩවි හෝ raigamtelees facebook පිටුවට අදම පිවිසෙන්න.

අයදුම්පත් සමඟ තම වීඩියෝ නිර්මාණ H264 වර්ගයේ සංයුක්ත තැටි (CD) හෝ සංඛ්‍යාත වීඩියෝ තැටි (DVD) මඟින් පහත ස්ථානයකට භාරදිය හැකිය,.

FOX Furniture Showroom – කීල්ස් සුපර් ඉදිරිපිට, හොරණ පාර, කොට්ටාව.
FOX Furniture Showroom – අංක 273/1, ඔරාබිපාෂා මාවත, මරදාන.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here