Home Local පොලිසියේ කොස්තාපල්වරු 31000ක් උසස් කරන්න තීරණය කරයි

පොලිසියේ කොස්තාපල්වරු 31000ක් උසස් කරන්න තීරණය කරයි

383

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ලබාදුන් උපදෙස් අනුව දීර්ඝ කාලීනව උසස්වීම් නොලැබූ පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරීක්‍ෂක තනතුර දක්වා වන පොලිස් නිලධාරීන් 31,000 කට අධික පිරිසකට උසස්වීම් ලබාදීමට අදාළ ආයතනවල අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව අදාළ උසස්වීම් සඳහා ඉදිරිපත් කළ යෝජනාවලියට ජාතික පොලිස් කොමිසම, වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව සහ මුදල් අමාත්‍යාංශයේ කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුව යන ආයතනවල අනුමැතිය හිමිව තිබෙනවා.

කාණ්ඩ 03 ක් යටතේ අදාළ උසස්වීම් ලබාදීමට නියමිත අතර පොලිස් නිලධාරීන් 5824 දෙනෙකුට පළමු වටයේ උසස් විඉම් ලබා දීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here