Home Hit දේශපාලන අනාථයින්ගේ කඳවුරට සජිත් එක්වෙයි ද?

දේශපාලන අනාථයින්ගේ කඳවුරට සජිත් එක්වෙයි ද?

290

පුද්ගලික න්‍යායපත්‍ර නැති රට ගැන හිතන අලි ඉන්න අලුත් පක්ෂයක් එන බව එක්සත් ජාතික පක්ෂ රාජ්‍ය ඇමැති නලින් බණ්ඩාර පවසනවා.

ඔහු මේ බව සඳහන් කරන්නේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනුයි.

අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමති සජිත් ප්‍රේමදාසහට හිතවාදී කණ්ඩායමේ ප්‍රබල ක්‍රියාකාරිකයෙක්ද වනවා.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ස්ථිර වශයෙන්ම ඉදිරිපත් වන බව ද ඔහු තමාට හිතවාදී සමාජජාල පිටුවල වාර්තා පළ කරමින් ඇත.

එක්සත් ජාතික පක්ෂයට හෝ වෙනත් වෙනයම් පක්ෂයකින් හෝ ඔහු ජනාධිපතිවරණයට තරග කරන බවයි එම වාර්තාවන් ඔස්සේ හෙළිවන්නේ.

මේ අතර ඇතැම් වාර්තාවන්හි දැක්වෙන්නේ සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂය අතහැර වෙනත් දේශපාලන පක්ෂයකින් හෝ පෙරමුණකින් ඉදිරිපත්වීමට සියළු කටයුතු සූදානම් වෙමින් ඇති බවයි.

සජිත් පේ‍්‍රමදාස වෙනත් පක්‍ෂයකින් හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ වැදගත්කම ඇතැම් සමාජ ජාලා පිටුවල දීර්ඝ ලෙස විස්තර කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here