Home Hit ඉන්දියාවෙන් අයිස් ගෙනා ඉන්දීය ජාතිකයා අත් අඩංගුවට

ඉන්දියාවෙන් අයිස් ගෙනා ඉන්දීය ජාතිකයා අත් අඩංගුවට

513

මත්ද්‍රව්‍ය ලෝලීන් අතර අයිස් නමින් හදුන්වන , මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එමින් සිටි ඉන්දීය ජාතික ගුවන් මගියෙකු 9/19 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක ලාල් වීරකෝන් මහතා පැවසීය .

මෙම අයිස් මත්ද්‍රව්‍ය මෙතැම්පටමයින් (Methamphetamine) යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වනු ලබන අතර , කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශ වල , මෙම මත්ද්‍රව්‍ය විශාල මිල ගනන් යටතේ අලෙවි කරන බව රේගුව පවසයි .

මෙම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට රැගෙන ආ පුද්ගලයා 29 හැවිරිදි ඉන්දීය ජාතික පිරිමියෙකි .

ඔහු 9/19 දින අලුයම 1.40 ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ස්පයිසි ජෙට් ගුවන් සේවයේ එස්.ජී.- 001 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ පිහිටිප්‍රකාශයට පත් කර තීරු බදු ගෙවා ගමන් මලු රැගෙන යන " රක්ත මාවත " ඔස්සේ ගුවන් තොටුපළෙන් පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින්, ඔහුගේ ගමන් මල්ලේ සගවා ගෙන තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගෙන තිබේ .

එහි රුපියල් අසූ හය ලක්ෂ හතලිස් දෙදහස් එකසිය පනහක් (86,42,150 ) ක් වටිනා මෙම මත්ද්‍රව්‍ය තොගය පාර්සල් දෙකක් ලෙස සකස් කර තිබූ අතර, ඒවායේ මුළු බර ග්රැම් 864.215 ක් බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය .

මෙම අත් අඩංගුවට ගැනීම රේගු අධිකාරී කේ.ඩී.ආර්.පෙරේරා ,
සහකාර රේගු අධිකාරීවරුන් වන ජී.පී.
ඩී.ඩබ්ලිව්.එම්.ආර්.එන්.ජේ.සමරවික්‍රම ,
චිරාන් ජයසිංහ , එච්.ජී.ඩී.එස්.දයානන්ද යන මහත්වරුන් විසින් සිදු කර තිබුණි .

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සමන් රණවන මහතාගේ උපදෙස් මත , කටුනායක ගුවන් තොටුපළ රේගු අධ්‍යක්ෂ ආර්.කේ.ගන්කේවෙල මහත්මියගේ අධීක්ෂණය යටතේ , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන ඩී.ඒ.එස්.චන්ද්‍රසිරි ,
ටී.ජී.ඒ.දුමින්ද , නියෝජ්‍ය රේගු අධිකාරී බී.ඩී.එස්.ඒ.විජේවර්ධන , සහකාර රේගු අධිකාරීවරුන් වන එච්.ඒ.පී.එන්.
ගුණවර්ධන , පී.එච්.ඩී.පී.චන්ද්‍රසිරි ,
එස්.පී.එම්.ආර්.සිල්වා , පී.එච්.ටී.එස්.
හෙට්ටිආරච්චි සහ ඩී.එම්.ටී.සී.බී.
දිසානායක යන මහත්වරුන් විසින් සිදු කරමින් සිටිති

කටුනායක ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here