Home Hit ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීම අද සිට

ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීම අද සිට

267

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට අද (19) සිට අවස්ථාව හිමිවනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, ඒ අනුව අද සිට ලබන මස 06 වනදා දහවල් 12.00 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකි බවයි.

එළැඹෙන ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 16 වනදා පැවැත්වෙන අතර නාම යෝජනා ඔක්තෝම්බර් මස 07 වනදා භාර ගැනීමට නියමිතයි.

ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත් වූ අතර ලබන 07 වනදා උදෑසන 9.00 සිට උදෑසන 11.00 දක්වා පැය 02ක කාලය තුළ ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here