Home Hit නෙලුම් කුලුන නිසා ”බොරුවට මියගිය තරුණයා” – PHOTOS

නෙලුම් කුලුන නිසා ”බොරුවට මියගිය තරුණයා” – PHOTOS

537

2018 වසරේ ජූනි 08 වනදා නෙලුම් කුළුනේ ඉදිකිරීම් රාජකාරි වල නිරතව සිටි 19 හැවරිදි තරුණ ශ්‍රමිකයෙකු එහි 13 වන මහලෙන් ඇදවැටී මියගිය පුවත එවකට ශ්‍රී ලාංකීකයින් දැඩි ලෙස කම්පනයට පත්කළා.

කිලිනොච්චිහි පදිංචිකරුවකු වූ ඔහු නමින් කොනේෂ්වරන් නිදර්ශණ්.

නෙලුම් කුලුණ පසුගිය 16 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අතින් ජනතා අයිතියට පත්කළ අතර එදින සමාජජාල මාධ්‍ය වල ප්‍රමුඛ මාතෘකාව බවට පත්වූයේ මෙම ඉදිකිරීමයි.

නෙලුම් කුලුන පිළිබඳව බොහෝ තාක්ෂණික සහ ආර්ථිකමය කාරණා සාකච්ජා වෙමින් තිබියදී එක්වරම ඉතා සංවේදී ෆේස්බුක් සටහනක් ෆේස්බුක් මාධ්‍ය තුල හුවමාරු වීම ආරම්භ වනවා.

ඒ 2018 වසරේදී නෙලුම් කුලුනෙන් ඇදවැටී මියගිය තරුණයා පිළිබඳව ජායාරූප සහිත “සංවේදී සටහනක්”

බොහෝ දෙනෙකු එම සටහන හුවමාරු (Share) කරගනු ලැබූවේ එසේ මියගිය තරුණයාට නිවන් සුව පතන බවට සටහනක්ද තබමින්.

නමුත් සත්‍ය කතාව තරමක් වෙනස්.

මෙසේ මියගිය තරුණයා යැයි සදහන් කරමින් ජායාරූප පළකර ඇත්තේ තවමත් හොදින් ජීවත් වන පුද්ගලයෙකුගේ බව පැවසුවහොත් ඔබ පුදුම වනු ඇති.

ශාන් සන්දීප නමැති තරුණයෙකු විසින් සිය හිතවතෙකු වන ඉෂාර අංජනට සරදමක් කිරීම අරමුණු කරගනිමින් ඔහුගේ ජායාරූප යොදා මෙම සංවේදී සටහන පළකර ඇති අතර එය නොදත් විශාල පිරිසක් මෙය සත්‍ය සටහනක් සේ සළකා හුවමාරු (Share) කර ඇත.

මේ වනවිට එම සිදුවීමට අදාළව ශාන් සන්දීප විසින් පළකල මුල් සටහන ඉවත් කර ඇති නමුත් ඔහුව උපුටා ගනිමින් ෆේස්බුක් පිටු සහ වෙබ් අඩවි ගණනාවක් ඉෂාර අංජනගේ ජායාරූපය පළ කර ඇති අයුරු ෆේස්බුක් පරිශීලනය කිරීමේදී අපට දැකගත හැක.

යමක් හුවමාරු කිරීමට පෙර හදවතට පෙර බුද්ධියට මුල් තැන දිය යුතු බවට මෙම සිදුවීම හරහා මනාව පැහැදිලි වේ.

අසත්‍ය පුවත් (Fake News) පැතිරීම හරහා රටේ කැළඹිලි සහගත තත්වයන් ඇතිවූ අවස්ථාවන් මෑත ඉතිහාසයේ බොහෝය.

නූගත් මිනිසුන් සේ ක්‍රියා නොකර යමක් විමසිල්ලෙන් සිතා බැලීමට ශ්‍රී ලාංකීකයින් හුරුවිය යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here