Home Hit වනජීවී නිළධාරීන්ගේ ප්‍රමාදයෙන් පරප්පුකන්ඩාවල් වැවේ අතරමංව සිටි අලි පැටියා මරුට – PHOTOS

වනජීවී නිළධාරීන්ගේ ප්‍රමාදයෙන් පරප්පුකන්ඩාවල් වැවේ අතරමංව සිටි අලි පැටියා මරුට – PHOTOS

281

වනජිවි නිළධාරීන් නොපැමිණීම හේතුවෙන් රෝගී තත්වයෙන් පසු වූ මන්නාරම, මාන්තෙයි බටහිර පරප්පුකන්ඩාල් වැ‍ව් පිටියට පැමිණ සිටි අලි පැටියෙකු ජිවිතක්ෂයට පත්ව ඊයේ (17) අලි පැටියාගේ මළ සිරුර සොයාගත් බව ප්‍රදේශවාසීන් පවසනවා.

ප්‍රදේශවාසීන් පැවසුවේ කිසියම් රෝගී තත්වයක් හේතුවෙන් අලි පැටියා පසුගිය 12 වැනිදා වැවට පැමිණ ඇති බව තමන් වනජිවි නිළධාරීන් වෙත දැනුම්දුන්නද වනජිවි නිළධාරීන් මේ දක්වා අලි පැටියා බැලීමට ‍නොපැමිණි බවයි.

ජලය බීමට පැමිණි රෝගී වු අලි පැටියෙකු දින ගණනාවක වැවේ සිටි බවත් අනතුරුව අලි පැටියා වැ‍වේ දකින්නට නොලැබුණ බවත් ඊයේ (17) සිය හේන් වගාවන් වෙත ගිය පිරිසක් අලි පැටියා ජිවිතක්ෂයට පත්ව ඇති අයුරු දැක ඇති බවද ප්‍රදේශවාසීන් පවසනවා.

පවතින නියඟය හමුවේ ජලය සොයාගෙන පැමිණි අලි පැටියා හක්ක පටස් වෙඩිල්ලකට තුවාල වි අලි රැලෙන් වෙන් වි තනිව වැවට පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.

අලි පැටියාගේ මුඛයේ තුවාලයක් පැවති ආකාරයක් දැක ගැනීමට හැකිව තිබු අතර, ඒ හේතුවෙන් අලි පැටියාට ආහාර ගැනීමට නොහැකිවීමෙන් ජිවිතක්ෂයට පත්වන්නට ඇති බවයි ප්‍රදේශවාසීන් සැක පළ කරන්නේ.

අලියා මියගිය බව වනජිවි නිළධාරීන්ට දැනුම්දුන්නද වනජිවි නිළධාරීන් ඊයේ දිනයේදීවත් අදාළ ප්‍රදේශය වෙත නොපැමිණි බවද ප්‍රදේශවාසීන් සඳහන් කර සිටියා.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here