Home Local ශම්මි සිල්වා ප්‍රථම වරට අද කෝප් කමිටුව හමුවට

ශම්මි සිල්වා ප්‍රථම වරට අද කෝප් කමිටුව හමුවට

557

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සිදුවී ඇතැයි වාර්තා වන දූෂණ සහ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු විමසන කෝප් කමිටුවට උත්තර බැදීම සදහා ක‍්‍රිකට් සභාපති ෂම්මි සිල්වා ඇතුළු සිව්දෙනකු අද (18) කෝප් කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.

මීට පෙර පැවැති කෝප් කමිටුව හමුවට නොපැමිණි සභාපති ෂම්මි සිල්වා පළමු වරට ඊට සහභාගි වන බවයි වාර්තා වන්නේ.

මීට අමතරව උප සභාපති රවීන් වික‍්‍රමරත්න, පරිපාලන අංශ ප‍්‍රධානී අරුණ ද සිල්වා සහ උප භාණ්ඩාගාරික ලලිත් රඹුක්වැල්ල යන පිරිස අද කෝප් කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිතයි.

හිටපු ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල ද කෝප් කමිටුව හමුවේ කරුණු දැක්වීමට අපේක්ෂාවෙන් සිටින බව වැඩිදුරටත් සදහන්.

හිටපු ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාලට මේ වන විට ක‍්‍රීඩා ඇමැතිවරයා විසින් තාවකාලික ක‍්‍රිකට් පරිපාලනය සම්බන්ධ තහනමක්ද පනවා ඇති නමුත් ඔහු විසින් කෝප් කමිටුව හමුවේ අදහස් දැක්වීමට අවශ්‍ය බව කෝප් කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති කරන ලද ඉල්ලීමට අනූව ඔහුද අද හෝ හෙට දිනයේදී ඊට සහභාගි වනු ඇතැයි සඳහන්.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්වලට සිදුවූ මහා පරිමාණ මුදල් වංචා සම්බන්ධයෙන් සොයා යන විමර්ශනවලට අනූව ඊට පිළිතුරු සැපයීමට හෙට (19) දිනයේදී ක‍්‍රිකට් තොරතුරු තාක්ෂණ කළමණාකරු නදීශාන් සූරියආරච්චි ඇතුළු පරිගණක හදිසි ප‍්‍රතිචාර අංශයද කෝප් කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වලට ලැබිය යුතු ඩොලර් මිලියන 5.5ක මුදලක් විදෙස් බැංකු ගිණුමකට බැර වීම සම්බන්ධයෙන් ඔවුන්ගෙන් වැඩිදුර කරුණු විමසීමට නියමිතයි.

ඉකුත් 03 වැනිදා පැවැති කෝප් කමිටු රැස්වීමේදී කතා බහට ලක්වූ මාතෘකා වල වැඩිදුර විමර්ශනය අද දිනයේදී සිදුවන අතර මහනුවර ඉඩමක් මිලදී ගැනීම සහ ක‍්‍රිකට්ගි ණුම් විදෙස් රටවල තිබීම ආදි කරුණු එහිදී ප‍්‍රධාන තැනක් ගනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here