Home Hit ගාල්ල බන්ධනාගාරයේදී සිරකරුවෙකු ගෙල වැලලාගෙන මියයයි

ගාල්ල බන්ධනාගාරයේදී සිරකරුවෙකු ගෙල වැලලාගෙන මියයයි

419

ගාල්ල බන්ධනාගාරයේ සිරකරුවෙකු ඊයේ (17) රාත්‍රි සිර මැදිරිය තුල ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ ඌරගස්මන්හන්දිය, උතුරු මාගල පදිංචිකරුවෙකු වන 38 හැවිරිදි සිරකරුවෙකි.

මියගිය අය මිනි මැරිමට තැත් කිරිමේ චෝදනාව යටතේ ගාල්ල මහාධිකරණයෙන් දඩුවම් ලබා සිටින සිරකරුවෙකි.

මියගිය සිරකරුගේ මළ සිරුර කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර ගාල්ල මහේස්ත්‍රාත්වරයා විසින් අද (18) දහවල් මූලික පරික්ෂණ නියමිත අතර ඉන් පසු පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට නියමිතයි.

ෆර්හාන් නිසාම්දින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here