Home Local වසර 10ක් උත්සහ කර පියාට අත දුන් පුතා (PHOTOS)

වසර 10ක් උත්සහ කර පියාට අත දුන් පුතා (PHOTOS)

293

විශ්ව විද්‍යාල සිසුවකු වන එස්.දුෂ්‍යන්තන් නැමති මුලතිව් මල්ලාවී ප්‍රදේශයේ තරුණයෙකු විසින් වසර දහයකට පමණ පෙර ටැක්ටරයක කොටසකට හසු වී දරුණු ලෙස තුවාල වී වෙන්වුණු කනපතිපිල්ලේ පද්මනාදන් නමැති තම පියාගේ අත වෙනුවට කෘත්‍රිම අතක් නිපදවීමට සමත් වී තිබෙනවා.

අනතුරින් දරුණු ලෙස තුවාල වූ තම පියාගේ අත රෝහලේදී ශල්‍ය කර්මයක් මගින් කපා ඉවත් කිරීමට සිදුවීම හේතුවෙන් කෘත්‍රිම අතක් සවි කිරීමට ගිය අවස්ථාවේදී ඒ සඳහා විශාල මුදලක් අවශ්‍ය වූ නිසා එදා සිටම ඔහු උත්සහ කොට ඇත්තේ කෙසේ හෝ සිය පියාට කෘත්‍රිම අතක් තමන් විසින්ම නිෂ්පාදනය කිරීමටයි.

මේ පිළිබදව ඉතා දීර්ඝ වශයෙන් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඔහුට සිය පියා වෙනුවෙන් කෘත්‍රිම අතක් සාර්ථකව නිෂ්පාදනය කොට සවි කිරීමට සමත් වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here