Home Local ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීමට සියල්ල සුදානම්

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීමට සියල්ල සුදානම්

258

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද(18) ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්ලායේදී පැවැත්විය.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා ඇල්පිටිය පොලීසියේ නිලධාරීන්, ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, ඇල්පිටිය ප්‍රාදේශියේ සභාව සඳහා ඉදිරිපත් වී සිටින අපේක්ෂයින් ඒ සඳහා සහභාගී වී සිටියේය.

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ඡන්දය විමසීම ඔක්තෝම්බර් 11 වන දා පැවැත්වීම සඳහා සියලු කටයුත සූදානම් බව ගාල්ල දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරීවරයා පවසයි.

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 53384 වන බවත් ඒ තුළින් ප‍්‍රාදේශීය සභාවට සභිකයින් 28 දෙනෙකු තෝරා ගැනීමට නියමිත බවත් එහිඳී සඳහන් කරන ලදී.

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවට කොට්ඨාශ මට්ටමින් 17 දෙනෙකුත් ඒ වගේම දෙවන ලැයිස්තුවෙන් 11 දෙනකුත් වශයෙන් සභිකයින් 28 දෙනා තෝරා ගන්නා බව ගාල්ල දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරීවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here