Home Local මැතිවරණ කොමිසමෙන් ජනාධිපති අපේක්ෂකයන්ට උපදෙස්

මැතිවරණ කොමිසමෙන් ජනාධිපති අපේක්ෂකයන්ට උපදෙස්

514

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දීමේදී ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙලේදී මැතිවරණ නීති උල්ලංඝනය නොවන ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාව ද මැතිවරණ කොමිසම අවධාරණය කර තිබේ.ඒ ඊයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් සමග රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදීයි.

ඒ අතරම අපේක්ෂකයාගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් ජාතික මැතිවරණ කොමිසම සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කළේ ය.

විශේෂයෙන් සමාජ මාධ්‍ය භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදීමේදී සෙසු අපේක්ෂකයින්ට අගතියක් නොවන ලෙස කටයුතු කළ යුතු බව ද මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ නියෝජිතයින්ට දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here