Home Hit දකුණු අධිවේගයේ නායයෑමක් – PHOTOS

දකුණු අධිවේගයේ නායයෑමක් – PHOTOS

419

ඉදිකෙරෙමින් පවතින දක්ෂිණ අධිවේගී මාර්ගයට අයත් කිරින්ද, වලකන්ද ප්‍රදේශයේ විශාල කොටසක් ඊයේ (17) රාත්‍රී නායගොස් ඇතැයි ප්‍රදේශවාසීන් පවසනවා.

මාතර සහ හම්බන්තොට දිස්ත්‍රීක්ක මායිමේ පිහිටා ඇති කිරින්ද වලකන්ද ප්‍රදේශයේදී දක්ෂිණ අධිවේගී මාර්ගයයි මෙලෙස නායයෑමට ලක්ව ඇත්තේ.

ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ ඊයේ රාත්‍රී කාලයේදී මෙම නායයාම සිදුව ඇතැයි ප්‍රදේශවාසීන් පවසනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර, ගොඩගම සිට මත්තල දක්වා කොටසෙහි ඉදිකිරීම් අවසන් අදියරේ පවතින අතර එහි ඉදිකිරීම් සිදුකෙරෙන වලකන්ද ප්‍රදේශයේ අඩි 300ක් පමණ දිගින් සහ අඩි 75ක පමණ උසින් යුතු ප්‍රදේශයක් මෙලෙස නාය ගොස් තිබෙනවා.

වලකන්ද ප්‍රදේශයේදී අඩි 200ක් පමණ උසින් යුතු කන්ද කපා මාර්ගය ඉදිකර ඇති බවයි ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පවසන්නේ.

නායගොස් ඇති ස්ථානය පරීක්ෂා කිරීමට දක්ෂිණ අධිවේගී මාර්ග ව්‍යපෘතියේ නිලධාරීන් අද (18) දිනයේදී පැමිණ සිටි ආකාරය ද දැකගන්නට හැකිවුණා.

අනීෂා මානගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here