Home Local පන්නලට ටොනාඩෝ තත්වයක්

පන්නලට ටොනාඩෝ තත්වයක්

284

පන්නල – මාකඳුර නගරයේ ඊයේ (16) දහවල් දැඩි වර්ෂාවත් සමග ඇතිවූ ටොනාඩෝ සුළං තත්වය හේතුවෙන් නගරයේ වෙළඳසැල් 20ක්, සතිපොළ භූමියේ වෙළඳ කුටි 100ක්, පන්නල ප‍්‍රාදේශීය සභාව පවත්වාගෙන යන කොම්පෝස්ට් අංගනයේ වහලය ඇතුළු ගොඩනැගිලි රැසකට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

මෙම සුළං තත්වයෙන් කොම්පෝස්ට් අංගනයේ සේවකයන් 04 දෙනෙකු තුවාල ලබා සඳලංකාව දිසා රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

නගරයේ විදුලි රැහැන්වලට හානි සිදුවීම නිසා නගරයේ විදුලිය විසන්ධි වී ඇති අතර කොම්පෝස්ට් අංගනයට රුපියල් ලක්ෂ 50 ක පමණ හානියක් සහ සතිපොළ භූමියට ලක්ෂ 30 ක පමණ හානියක් සිදුව ඇතිබව පන්නල ප‍්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ලංසක්කාර පවසනවා.

මෙම සුළං තත්වය හේතුවෙන් හානි සිදුව ඇති ස්ථාන යථා තත්වයට පත්කිරීම සහ කඩිනම් සහන සැලසීම සඳහා පන්නල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප‍්‍රාදේශීය සභාව සහ පන්නල පොලීසිය කටයුතු යොදා ඇති බවයි පන්නල ප‍්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here