Home Hit ”මගේ සහය සජිත්ට ලැබෙයි” – අමාත්‍ය රවුෆ් හකීම්

”මගේ සහය සජිත්ට ලැබෙයි” – අමාත්‍ය රවුෆ් හකීම්

351

ජනාධිපතිවරණයේදී අමාත්‍ය සජිත් ප්‍රේමදාසට තම සහාය ලබාදිය හැකි බව අමාත්‍ය රවුෆ් හකීම් පවසනවා.

කුරුණෑගලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදි ඔහු පැවසුවේ ජනප්‍රිය අපේක්ෂකයෙක් එජාපයෙන් ඉදිරිපත් කරනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවයි.

නමුත් තවමත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොලැබුණ බවද ඔහු පැවසුවා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් එළබෙන සතිය තුල ලැබෙනු ඇති බවට තමන් විශ්වාස කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළ අමාත්‍යවරයා කියා සිටියේ තම පාර්ශවයේ තීරණය අනෙකුත් සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කර තීරණය කරන බවයි.

එහිදි මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ සජිත් ප්‍රේමදාසට, තමාගේ සහය ලබාදීමේ වැඩි නැඹුරුවක් පවතින බවයි.

කරු ජයසූරියට අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් අදහස් දැක්වු අමාත්‍යවරයා පැවසුවේ එතුමාගේ ජනප්‍රියත්වය සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here