Home Hit වැසි තත්ත්වය තවදුරටත්

වැසි තත්ත්වය තවදුරටත්

220

දිවයින ආශ්‍රිතව වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනව.

බස්නාහිර, සබරගමුව, දකුණු,මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100ට වැඩි තද වර්ෂාපතනයන්ද අපේක්ෂා කළ හැකි බවද එම නිකුත් කළ නිවේදනයේ සඳහන්.

සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි බවයි වාර්තා වන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here