Home Hit අගමැති සහ ආර්.සම්බන්ධන් අතර හමුවක් අද පස්වරුවේ

අගමැති සහ ආර්.සම්බන්ධන් අතර හමුවක් අද පස්වරුවේ

251

ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් වන සාකච්ජාවක් වෙනුවෙන් දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ජාවක් අද (17) සවස කොළඹදි පැවැත්වීමට නියමිත බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් පවසනවා.

චාර්ල්ස් නිර්මලනාදන් පැවසුවේ අදාළ සාකච්ජාවේදී දෙමළ ජාතික සන්ධානය ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අගමැතිවරයාගේ ස්ථාවරත්වය දැන ගැනීමට නියමිත බවයි.

දෙමළ ජාතික සන්ධාන නායකයින් හා සජිත් ප්‍රේමදාස අතර සාකච්ජා කිරීමට පෙර අගමැතිවරයා සමඟ සාකච්ජා කොට අගමැතිවරයාගේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් කරුණු විමසීම සිදුකළ යුතු බවද දෙමළ ජාතික සන්ධාන පක්ෂ නායකයින් තීරණය කොට ඇති බවද හෙතෙම පැවසුවා.

නිර්මලනාදන් වැඩිදුරටත් පැවසුවේ දෙමළ ජනතාවගේ ඡන්දය මෙවර ජනාධිපතිවරණයේදී තීරණාත්මක සාධකය බැවින් ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත්වීමට නියමිත අපේක්ෂකයින් දෙමළ ජාතික සන්ධානයේ කැමැත්ත ලබා ගැනීම වෙනුවෙන් අපේක්ෂාවෙන් පසුවන බවයි.

අගමැතිවරයාගේ ප්‍රකාශ මත ඉදිරියේදී දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණය කිරීමට නියමිත බවද මන්ත්‍රීවරයා පැවසුවා.

දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් , ඉලගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා,ප්ලොට් සංවිධාන නායක ධර්මලිංගම් සිද්ධාර්ථන්, ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන් හා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියළු දෙනා සාකච්ජාවට එක්වෙනු ඇති බවට හෙතෙම සඳහන් කළේ.

නිර්මලනාදන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් විසදුම් ලබාදීමට කැමැත්ත පළ කරන අපේක්ෂකයා වෙනුවෙන් දෙමළ ජනතාව මෙවර ජනාධිපතිවර‍ණයේදී සහයෝගය ලබාදෙනු ඇති බවයි.

උතුරු නැගෙනහිර ඉඩම් ගැටළුව,අතුරුදහන්වූවන්ගේ ගැටළුව, යුධ අපරාධ ‍සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම, යුද්ධයෙන් පීඩාවට පත්වුවන් යළි නඟා සිටුවීම ආදි කාරණා සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය ජනාධිපති අපේක්ෂකයින්ගේ අදහස් විමසීමට නියමිත අතර, අදාළ ගැටළු වෙනුවෙන් සාධාරණය ඉටු කිරීමට එකඟවන පුද්ගලයා වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය හිමිවනු ඇති බවද හෙතෙම පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here