Home Politics ”මගේ ජීවිත කාලය තුළ විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා” – 80 වැනි...

”මගේ ජීවිත කාලය තුළ විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා” – 80 වැනි වියට පා තබන කරූ කියයි

322

තමන්ගේ ස්ථාවරය වන්නේ රටේ මීළඟට පත්වන ජනාධිපතිවරයා, අවසාන ජනාධිපතිවරයා විය යුතු බව කථානායක කරූ ජයසූරිය පවසනවා.

එමෙන්ම ජනපතිගේ ප්‍රමුඛතාවය විය යුත්තේ ස්වාධීන කොමිෂන් සභා, රාජ්‍ය ආයතන තවදුරටත් ශක්තිමත් කිරීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඩේලිමිරර් පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටිනවා.

විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවට යෝජනා කරන කථානායකවරයා පක්ෂයට දැන් අවශ්‍ය වන්නේ එක්සත්කම බවත් නායකයා, නියෝජ්‍ය නායකයා ඇතුළු සියලු සාමාජිකයින් එකට එක්ව ක්‍රියා කළ යුතු බවත් කියා සිටිනවා.

එළඹෙන සැප්තැම්බර් 29 වනදාට කතානායකවරයා සිය 80 වැනි වියට පාතබනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here