Home Politics කදුකර සහෝදරත්ව ව්‍යාපාරයේ සහාය අනුර කුමාර දිසානායකට

කදුකර සහෝදරත්ව ව්‍යාපාරයේ සහාය අනුර කුමාර දිසානායකට

301

පැවැත්විමට නියමිත ජනාධිපතිවරණයේදි කදුකර සහෝදරත්ව ව්‍යාපාරයේ සහයෝගය ජාතික ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට ලබාදිමට එම ව්‍යාපාරය තීරණය කර ඇති බව කදුකර සහෝදරත්ව ව්‍යපාරයේ ජාතික කැදවුම්කරු මුණියන්ඩි කාලිදාස් පවසනවා.

මුණියන්ඩි කාලිදාස් ඒ බැව් කියා සිටියේ ජනාධිපතිවරණයේදි තම ව්‍යපාරයේ සහයෝගය ලබාදෙන අපෙක්ෂකයා සම්බන්ධයෙන් දැනුවත් කිරිම සදහා ඊයේ (16) පස්වරුවේ හැටන්, දික්ඔය නගරසභා ශාලාවේ පැවති මාධ්‍ය හමුවක් පවත්වමින්.

මෙම මාධ්‍යය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු එම ව්‍යාපාරයේ ජාතික කැදවුම්කරු මුණියන්ඩි කාලිදාස් කියා සිටියේ වසර 71ක කාලයක් මේ රට පාලනය කල සියළුම පාලකයින් වතු කම්කරුවන්ගේ ගැටළුවලට විසදුම් ලබාදිමට අපොහොසත් වි ඇති බවයි.

වතුකරයේ ජනතාවගේ වර්තමානයේ පවතින ගැටළු වලට විසදුම් ලබාදිමට හැකි එකම ජනාධිපති අපෙක්ෂකයා වන්නේ අනුර කුමාර දිසානායක නිසා තම ව්‍යාපාරයේ සහයෝගය එම අපෙක්ෂකයාට ලබාදිමට තිරණය කර ඇති බවයි.

මෙම මාධ්‍යය සාකච්ඡාවට එක් වු සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපති සහ කදුකර සහෝදරත්ව ව්‍යාපාරයේ සමාජික කිඩ්නන් සෙල්වරාජ් කියා සිටියේ කදුකර සහෝදරත්ව ව්‍යාපාරය නිතිඥයින්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, වෘත්තිකයන් , වෘත්තිය සමිති නායකයින් ඇතුළු විශාල පිරිසකගේ එකමුතු කමින් සැදුම්ලත් ව්‍යාපාරයක් බවයි.

ඉදිරියේදි පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා දැනට ඉදිරිපත් වි සිටින ගොඨාභය රාජපක්ෂ හෝ එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වනවා යැයි කියන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍යය නායක සජිත් ප්‍රේමදාස විසින් වතු කම්කරුවන්ගේ ගැටළු වලට ස්ථිර විසදුම් ලබාදෙන බවට මේ වන තෙක් කිසිදු ප්‍රකාශයක් කර නොමැති බවයි.

කිසි දිනක එම නායකයින් වතු කම්කරුවන්ගේ ගැටළු වලට විසදුම් ලබානොදන බවත්, ඉතිහාසයේ මේ රට පාලනය කල නායකයින් වතු කම්කරුවන්ව මුලා කල ආකාරයටම එම අපෙක්ෂකයින් දෙදෙනා ද වතු කම්කරුවන්ට කිසිදු සාධාරණයක් ඉටුනොකරන බවට තම ව්‍යාපාරය තුල විශ්වාසයක් පවතින නිසා තම වෘත්තිය සමිතියේ පුර්ණ සහයෝගය ජනාධිපති අපෙක්ෂක අනුර කුමාර දිසානායකට ලබාදිමට තිරණය කර ඇති බවයි.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here