Home Sports ශ්‍රී ලංකා තරගාවලියට පාකිස්තානයේ ඇති ආරක්ෂාව ගැන ICCයෙන් ඇගයීමක්

ශ්‍රී ලංකා තරගාවලියට පාකිස්තානයේ ඇති ආරක්ෂාව ගැන ICCයෙන් ඇගයීමක්

277

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ඇගයීමක් සිදුකිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින සහ පන්දුවාර 20 – 20 ක්‍රිකට් තරගාවලි සදහා විනිසුරුවන් සහ තරග තීරකවරුන් පත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සදහායි.

පාකිස්තානයේ පැරණිතම පුවත්පත ලෙස සැලකෙන “Daily Jang” නම් උර්දු පුවත්පත වාර්තා කර සිටියේ අදාළ තරගාවලි සදහා පාකිස්තාන රජය විසින් ලබාදෙන ආරක්ෂාව පිළිබද සොයාබැලීමක් සිදුකර ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නිළධාරීන් පත්කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි.

මීට පෙර 2015 වසරේ දී සිම්බාබ්වේ කණ්ඩායම පාකිස්තානයේ සිදුකළ තරග සංචාරයේ දී ද ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ඒ සදහා නිළධාරීන් පත්කිරීමක් සිදුකළේ නැහැ.

ඒ අනුව අදාළ තරග සදහා නිළධාරීන් පත්කරනු ලැබුවේ ද පාකිස්තානය සහ සිම්බාබ්වේ යන රටවල් 02 විසින්මයි.

මෙවර තරගාවලියන්හී දී ද ලබාදෙන ආරක්ෂාව සම්බන්ධයෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය සෑහීමකට පත් නොවුනහොත් විනිසුරුවන් සහ තරග තීරකවරුන් පත්කිරීමේ වගකීම ද පාකිස්තානයට සහ ශ්‍රී ලංකාවට පැවරෙනු ඇති.

Hitwicket

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here