Home Local ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝණය කල ධීවරයින් රිමාන්ඩ්

ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝණය කල ධීවරයින් රිමාන්ඩ්

406

ජාත්‍යන්තර මුහුදු සිමාව උල්ලංඝණය කරමින් සිටියදි නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලද ධිවරයින් 20 දෙනා ලබන 30 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ නියෝග කළා.

බලපිටිය, බේරුවල, රත්ගම, අහුංගල්ල, අම්බලන්ගොඩ ප්‍රදේශවල පදිංචි මෙම ධිවරයින් යාත්‍රා 03කින් ධිවර කටයුතු සඳහා ගොස් ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝණය කරමින් සිටියදි නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ගාලු වරාය වෙත ගෙනැවිත් වැඩිදුර පරික්ෂණ සඳහා ධිවර දෙපාර්තමේන්තුවේ වැටලිම් විමර්ශණ අංශය වෙත බාර දි තිබෙනවා.

මෙම ධිවර යාත්‍රා 03න් එකක් ගාල්ල ධිවර වරායෙන්ද අනෙක් 02 බේරුවල ධිවර වරායෙන් ද පිටත්ව ගොස් ඇත.

දැඩි ලෙස බෝට්ටු පරික්ෂා කරන ලද අතර සැකකටයුතු කිසිවක් හමුවි නොමැති අතර ධිවර දෙපාර්තමේන්තුවේ වැටලිම් අංශයේ විමර්ශන නිලධාරි පරණවිතාන ඇතුලු ධිවර දෙපාර්තමේන්තුවේ නිලධාරි කණ්ඩායමක් විසින් ධිවරයින් පිරිස අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

ෆර්හාන් නිසාම්දින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here