Home Hit ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් ස්වයංක්‍රීයව විවෘත වෙයි

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් ස්වයංක්‍රීයව විවෘත වෙයි

384

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ ස්වයංක්‍රිය වාන් දොරටුව අද (17) උදැසන 08 සිට ස්වයංක්‍රියව විවෘත වි තිබෙනවා.

ඉහල කොත්මලේ ජලාශයේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (16) සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කොත්මලේ ජල මට්ටම ඉහල යාම නිසා ජලාශවේල්ලේ ස්වයංක්‍රිය වාන් දොරටුව ස්වයංක්‍රියව විවෘත වි ඇති බවයි එම ජලාශ භාර ඉංජිනේරුවන් කියාසිටියේ.

එම ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණහොත් ජලාශයේ සෙසු වාන් දොරටු විවෘත කිරිමට සිදුවන නිසා ජලාශ වේල්ලට පහලින් කොත්මලා ඔයේ දෙපස පදිංචිකරුවන් සහ කොත්මලාඔයේ ජලය පරිහරණය කරන අය සැලකිලිමත්ව සිටින ලෙසයි එම ජලාශ භාර ඉංජිනේරුවන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලටද ඇද හැලෙන අධික වර්ෂාවත් සමග එම ජලාශ 02ම ජල ධාරිතාව පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බවයි එම ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here