Home Hit මැතිසබේ උසස් නිලධාරියෙක් අවුරුදු 05කදී 39 වතාවක් රට ගිහින්

මැතිසබේ උසස් නිලධාරියෙක් අවුරුදු 05කදී 39 වතාවක් රට ගිහින්

192

පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ඉකුත් වසර 05 තුළ (2014 – 2019) 39 වතාවක් විදෙස් සංචාරයන්ගේ නිරතව ඇතැයි එහි අභ්‍යන්තර වාර්තාවක සඳහන් වනවා.

වාර්තාවේ සඳහන් වන පරිදි එම නිලධාරියාගේ මෙම සංචාර වෙනුවෙන් රජයෙන් වැයකර ඇති මුදල රුපියල් දෙකෝටි තිස් ලක්ෂයක් පමණ වනවා.

ගුවන් ප්‍රවේශ පත්‍ර වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් හැටහත් ලක්ෂ තිස්හයදහස් හත්සියයක මුදලක් හා ගමන් වියදම් දීමනා වශයෙන් ලබාගෙන ඇති රුපියල් එක්කෝටි හැට දෙලක්ෂයක පමණ මුදලක් මෙයට ඇතුළත් වෙයි.

මෙම නිලධාරියා 2014 වර්ෂයේ දී 07 වතාවක් ද 2015 වර්ෂයේදී 05 වතාවක් ද 2016 වර්ෂයේදී 08 වතාවක් ද 2018 දී 10 වතාවක් හා මේ වසරේ (2019) මේ දක්වා දෙවතාවක් ද වශයෙන් විදේශ සංචාර වල නිරතව ඇතැයි පෙන්වා දෙන එම අභ්‍යන්තර වාර්තාව අමෙරිකාව, කැනඩාව, එංගලන්තය, ජර්මනිය, නවසීලන්තය, නොර්වේ සහ ස්විට්සර්ලන්තය යනාදී රටවලට මෙසේ සංචාරය කර තිබෙන බව සඳහන්.

විදේශීය වැඩමුළු හා සම්න්මන්ත්‍රණ වලට සහභාගී වීම සඳහා මොහු මෙම විදේශ සංචාර වල යෙදී ඇතැයි සඳහන්.

සුජිත් හේවාජූලිගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here