Home Hit මිහිදන් කිරිමට මුදල් නොමැති බව පවසා කැලයකට විසි කරන ලද දේහයේ...

මිහිදන් කිරිමට මුදල් නොමැති බව පවසා කැලයකට විසි කරන ලද දේහයේ අවසන් කටයුතු රජයේ වියදමින්

226

හැටන් වටවල රොසැල්ල විග්ටන් වතුයායේ පදිංචිව සිටි වල්ලිඅම්මන් රාගෙයි නැමති 84 හැවිරිදි එක්දරුමවගේ දේහය භාර ගැනිමට කිසිවෙක් ඉදිරිපත් නොවන බැවින් ඇයගේ අවසන් කටයුතු රජයේ වියදමින් සිදු කිරිමට හැටන් මහෙස්ත්රානත් අධිකරණයේ නියෝගයක් ලබාගෙන ඇති බව වටවල පොලිසීය පවසයි.

ඇය මෙලෙස මිය ගියේ තම පුතා සහ මුණුබුරා විසින් ඝාතනය කිරිමෙන්ය

ඉකුත් 9වන දා සිය මව ඝාතනය කර ඇයගේ සිරුර නිවස පිටුපස වගා ළිදක දමා තිබියදි වටවල පොලිසියේ නිලධාරින් විසින්  13 දින ගොඩගෙන පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥය අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කර තිබුණි.

මිය ගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරික්ෂණය දික්ඔය මුලික රෝහලේදි ඊයේ (16) පැවැත්වු විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිනි ඉනෝකා රත්නායක මහත්මිය ඇතුළු අධිකරණ වෛද්‍යවරුන් රෙදි පටියකින් ගෙල සිර කර සිදු කළ ඝාතනයක් බව නිගමනය කර තිබුණි.

නිවස තුලදි සිය මව මිය ගිය බව පවසමින්, මිහිදන් කිරිමට මුදල් නොමැති බව පවසා දේහය කැලයකට විසි කිරීමට ගිය පුවතක් පසුගියදා වාර්තා වුයේ මෙමෙ සිදුවියමයි

පශ්චාත් මරණ පරික්ෂණයෙන් පසු සිරුර දික්ඔය මුලික රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර ඝාතනයට සම්බන්ධ බවට සැකකරන පුතා සහ මුණුබුරා වටවල පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයෙ වෙත ඉදිරිපත් කර ඇත.

අනතුරුව පුතා 23 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමටත් මුණුබුරාද එදින දක්වා පේරාදෙණිය ළමා නිවසේ රදවා තැබිමටත් මහෙස්ත්රාත්වරයා නියෝග කර තිබුණි.

වල්ලිඅම්මන් රාගෙයි නැමති එක්දරු මව ඝාතනය කිරිම සම්බන්ධයෙන් වටවල පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ යලිත් පරික්ෂණ ආරම්භ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here