Home Health ආචාර්ය හෂිනි ජයතිලක පිලිකා රෝගය ලොවෙන් තුරන් කරන ක්‍රමය සොයා ගනියි..!

ආචාර්ය හෂිනි ජයතිලක පිලිකා රෝගය ලොවෙන් තුරන් කරන ක්‍රමය සොයා ගනියි..!

1449

ආචාර්ය හසිනි ජයතිලක මේ වනවිට ඇය විසින් පිළිකා සෛල මිනිසෙකුගේ සිරුරේ සංස්ලේෂණය කරන ආකාරය සහ එම මාර්ගය අවහිර කිරීමට සහ පාලනය කිරීමට හැකි සංඥා ක්‍රමයක් සොයා ගැනීම පිළිකා රෝගය සම්බන්ධ පරීක්ෂණයන්හී තීරණාත්මක අවස්ථාවක් වී තිබේ.ආචාර්ය හසිනි ජයතිලකගේ පරීක්ෂණ කෙතරම් ඇගයුමට පාත්‍ර වීද යත් ලොව සුපතල ෆොර්බ්ස් සඟරාව විසින් 2019 වර්ෂය සඳහා “විද්‍යා අංශයෙන් අනාගතය වෙනස් කළ වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින් 30 දෙනා” යනුවෙන් තෝරා තිබෙන ලැයිස්තුවට හසිනි ජයතිලක නම් කිරීමටද කටයුතු කර තිබේ.

ශ්‍රී ලාංකික තරුණියක් වන හසිනි ජයතිලකගේ පරීක්ෂණ පිළිකාවට එරෙහිව සිදුකරනු ලබන නවීන චිකිත්සාව සංවර්ධනය කිරීම සඳහා එතරම් පිටුවහලක් වී තිබේ. එය ශ්‍රී ලාංකිකයෙක් ලෙසට මෙන්ම මිනිසෙකු ලෙසටද සතුටුදායක පුවතකි. මානව සංහතියේ භයානකම සතුරා වන පිළිකාව පරාජය කිරීමේ සටන මානව සංහතියේ ඉදිරිගමන තීරණය කරනු ඇත.

එම සටනට ශ්‍රී ලාංකික තරුණියකගෙන් සැලකිය යුතු සේවයක් සිදුවීම ශ්‍රී ලංකාවට ආඩම්බරයකි, ගෞරවයකි.පසුගිය දිනෙක මා කියවූ ලිපියක සදහන් වූයේ මානව වර්ගයා පිළිකාවට එරෙහි සටන පරාජය වෙමින් පවතින බවටයි.(Human beings are losing the battle against the cancer) ඒ පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ හසිනි ජයතිලකගෙන් විමසීමට මට අවස්ථාව ලැබුනු අතර එහිදි ඇය දැඩි සුභවාදී ලෙස අදහස් දැක්වූයේය. ඇය පවසා සිටියේ පිළිකා මර්ධන ක්ෂේත්‍රය නව දැනුම් උගෙනමින් ඉදිරියට ගමන් කරමින් බවයි.

ඇයගේ එම සුභවාදී අදහස පිළිකාව ඉදිරියේ අනතුරට ලක්ව සිටින සමස්ථ මානව වාර්ගයාටම අස්වැසිල්ලකි.ශ්‍රී ලාංකිකයෙක් ලෙස සහ පිළිකා රෝගයෙන් තර්ජනයට ලක්ව සිටිනා මිනිස් සංහතියම වෙනුවෙන් ආචාර්ය හසිනි ජයතිලකට අපගේ ප්‍රණාමය හිමි විය යුතුය.

ඔබ අවුරුදු 30 අඩු කෙල්ලෙක් හෝ කොල්ලෙක්ද?

ලෝකය වෙනස් කළ අවුරුදු 30ට අඩු 30 දෙනාගේ 2019
ලැයිස්තුවට (Forbes 30 under 30) ගිය හසිනිට සුබ පැතුම්. ෆෝබ්ස් සඟරාව විවිධ ක්ෂේත‍්‍ර ඔස්සේ වයස අවුරුදු 30ට කලින් බලපෑමක් කළ 30 දෙනා සෑම වසරකම නම් කරනවා. එහි විද්‍යාව යන අංශයේ 30ට අඩු 30 අතරට ශ‍්‍රී ලාංකේය කාන්තාවක් වන හෂිනි නම් කිරීම සැබෑ ජාත්‍යන්තර ජයග‍්‍රහණයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here