Home Hit අගමැති ජනපති කොමිසමෙන් පිටව යයි

අගමැති ජනපති කොමිසමෙන් පිටව යයි

314

මීට ටික වෙලාවකට පෙර ජනපති කොමිසම හමුවට රැස්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ වන විට එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බව වාර්තා වනවා.

අගමැතිවරයා 2015 – 2018 වසර වල රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවට අද පෙරවරුවේ පැමිණියා.

කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ පෙරවරු 9.30ට පමණ අග්‍රාමාත්‍යවරයා කොමිසම හමුවට පැමිණි බවයි.

ඒ, කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ලට අදාළ විමර්ශන සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

අග්‍රාමාත්‍යවරයා මීට පෙර පසුගිය 12 වනදා කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබුණ ද මන්නාරම ප්‍රදේශයේ වැඩසටහන් කිහිපයක් ඇති බව දන්වමින් එදින කොමිසම හමුවේ පෙනී සිටියේ නොමැති අතර ඒ අනුව, ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව තීරණය කළේ, අද දින අග්‍රාමාත්‍යවරයා කොමිසම හමුවට කැඳවීමේ සිතාසි යළි නිකුත් කිරීමටයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායකගෙන් ද කොමිසම මීට පෙර සාක්ෂි ලබාගෙන තිබුණා.

සබැඳි පුවත් – අගමැති ජනපති කොමිසම හමුවට පැමිණෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here